විදුහල්පති පණිවිඩය
රෝදය සොයා ගනිමින් ඇරඹි කාරමික විප්ලවයේ ප්‍රතිඵලය වූයේ කාරමික මෙවලම් ලෝකය වෙත ගලා ඒමයි. මිනිසා එකල ඒ දෙස බලා සිටියේ විස්මයෙනි. ඒ සියවස් ගනනකට පෙරය. දැන් අපි 21 වන සියවසේ ජීවත්වෙමින් 22 වන සියවසට මෙවලම් තනමින් සිටිමු. මෙම සීඝ්‍ර දියුණුවේ පුරෝගාමි නිමැවුම්කරැවා චාල්ස් බැබේජ් නම් වන පරිගණකයේ නිර්මාතෘවරයායි.රොබෝ හදන්නට ද රොකට් තනන්නට ද එදිනෙදා කටයුතු සිදුකිරීමට ද යොදාගනු ලබන්නේ පරිගණකයයි.
අන්තර්ජාලය පරිගණක ලෝකයේ නවීනතම සහ අත්‍යවශ්‍යම දෙයකි. බොහෝ තොරතුරැ දැනගැනීම වෙනුවෙන් එත=ළට පිවිසෙන අප අපගේ තොරතුරැ ද එයට එක්කරමින් අපි පිළිබදච දැනගන්නට ද ආරාධනා කරමු.
සෙංකඩගල පුරවරයෙහි තැන්නේකුඹුර ප්‍රදේශයේදී මහවැලි ගං දියෙන් සිසිල ලබන විද්‍යාලෝක මහා විද්‍යාලය නම් විදු පියස අන්තර්ජාලයට එක්කරමින් අපද අපගේ තොරතුරැ ජාලගත කරන්නට පියවර තබමු.
අප පාසල දරැවන් 300කගෙන් සමන්විත වන අතර සිංහල,දෙමළ,මුසලිම් සම්මිශ්‍රණයකින් සුසැදිව අධ්‍යාපනය ලබන විද්‍යාස්ථානයකි. වසර පුරා විවිධ ක්‍රියාකාරකම්වල නිරතවන අප දරැවන්ගේ දක්ෂතා සමගින් මෙම වෙබ් අඩවිය තුළින් ඔබ වෙත ළංකරන අතර විශේෂයෙන් දරැවන් වෙත මෘදු කුසලතා ළගාකරන්නට ඇප කැප වන්නෙමු.
අප සමග ඉදිරියට එක්වන ඔබ අප පාසලේ ආදි ශිෂ්‍යයෙකු, හිෂ්යාවක හෝ සුබ පතත්නෙකු විය හැක. ඔබගේ දිරිමත් සුබ පැතුම් මෙන්ම යෝජනා ද සමගින් අප විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් එක්වන්නට ආරාධනා කරමි.
