නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අලුත්-අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. මේ කුමාරතුංග මුනිදාසයන්ගේ සමාජ දැක්මකි. අන්තර්ජාලය සමාජ ප්රගමනය හෙවත් දියුණුව කෙරෙහි යොදාගත හැකි බව රහසක් නොවේ. අප විද්‍යාලය ද වෙබ් අඩවිය නිර්මාණය කිරීම තුළින් අපේ විශිෂ්ටත්වය ලොවට පෙන්වීමට මග පාදාගෙන තිබේ.
තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය දේශසීමා අභිභවනය කර ලෝකයම විශ්ව ගම්මාන කර ඇත. මේ හේතුවෙන් පරිගණක ආශ්රිත කිසියම් රැකියාවක් කුමන හෝ රටක සිට සිදුකිරීමට හැකියාව පවතී. එමෙන්ම පාසල් දරැවන්ට තම අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී තව තවත් දැනුම වැඩිකරගැනීමට අන්තර්ජාලය ඵලදායීව යොදාගැනීමට අවස්ථාව සැලසී ඇත.
ලෝක ප්‍රවණතාවය එසේ හෙයින් අප පාසල් දරැවන්ගේ යහපත උදෙසා ද තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ දැනුම ඉහළ නැන්වීමට අපි සියලු දෙනා මහත් සේ වෙහෙසක් දරමින් සිටින්නෙමු.තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ සමාජය විසින් අප පාසල් වෙබ් අඩවිය කිරීමට උනන්දුවීම පිළිබදව මහත් සේ සතුටට පත්වෙමි.එමෙන්ම විදුහල්පතිතුමිය හා මා ඇතුලු ගුරැ මණ්ඩලය වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ආශිර්වාද කරන්නෙමු,