මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ සෙන්කඩගල මැතිවරණ කොට්ටාශයට අයත් මහනුවර අධ්‍යාපන කලාපයේ තැන්නේකුඹුර මහවැලි නදිය ආසන්නයේ පිහිටි විද්‍යාලෝක මහා විදුහල සිය ආරම්භය සනිටුහන් කලේ 1957.07.01 වැනි දිනය මනරම් භුමි ප්‍රදේශයකින් යුත් මෙහි ආරම්භක නියමුවා වනුයේ එම්. දිසානායක මහතය.එතුමාට අයත් පොල් අතු මඩුවක ළමුන් 60 දෙනෙකු සහිතව ඇරඹුණු මෙම පාසැල එවකට සිටි අධ්‍යාපන ඇමති එම්.සී. බණ්ඩා මහතා අතින් විවෘත වනවිට එය තැන්නේකුඹුර කනිෂ්ඪ විද්‍යාලය විය. එවකට සිටි ප්‍රදේශයේ ශුභ පතන්නන් සිංහල,දෙමළ, මුස්ලිම් භේද නොමැතිව සාමූහිකව පාසල දියුණුව කරා ගෙන යාමට වෙර දැරුහ. වසර දෙකක් තුල ශිෂ්‍ය සංඛයාව වැඩි වූයෙන් පාසල අද පවතින බුමි බාගය රජයෙන් ලබාදී එහි ඉදීවූ පාසල එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරණයක මහතා අතින් විවෘත කරන ලදී. ක්‍රමයෙන් ඉදිරියට පාතැබූ පාසලෙහි 1970 සිට 1977 දක්වා කාලය තුල සේවය කල ඒමි.කේ.පි .බි .සෙනවිරත්න විදුහල්පතිතුමාගේ කාලය ආරම්භ වන විට පාසලට තිබුණේ ගොඩනැගිලි 02කි. ඒ වනවිට ජල විදුලි පහසුකම් නොවීය. එම අවධියේදී සිසුන් 300ක් පමණද ග=රැ මඩුල්ල 15 දෙනෙක් පමණද විය. පසුව මහනුවර සිංහ සමාජයේ අනුග්ර්රහය ඇතිව නව වැසිකිළි කැසිකිළි පද්ධතියක්ද ක්‍රීඩා පිටියද ඉදිවිය. එම අවධියේම පුස්තකාල ආරමිභය සිදුවිය. 1990 දී සියලු ශාලාවලට ජල පමුසුකමි සලසාදෙන ලදී. ඒ සමගම ජාත්‍යන්තර සංවර්ධන පදනම අනුග්ර්රහයෙන් පාසල සංවර්ධනය කර අවශ්‍ය උපකරණ ආදිනය ලබාදෙන ලදී. ඩබ්.එම්. ජයතිලක මැතිතුමාගෙන් පසුව 1988 වසරේ සිට ජී.ඩබ්. අබේරත්න මහතාගේ පාලනයෙන් යුක්තව පාසල් පරිසරය ඉදිරියට ගෙන යන ලදී. 1991 දී අඩි 80*20 බහු තාක්ෂණික ගොඩනැගිල්ලක් ඉදිවිය. 1992 වසර වන විට ප්‍රධාන ශාලාවට හා කාර්යාලයට අවශ්‍ය විදුලිබල සැපයුම ලැබිණි.
1991 වසරදි අ.පො.ස සා.පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵල පෙන්වූ ඩමෙම පාසල මධ්‍යම පළාතේ පාසල් 53න් එකක්වීමට තරම් භාග්යමත්විය.1993 දී පාසල් ත+ර්යවාදක කණ්ඩායම ආරම්භ විය. 1993.03.24 දින පාසල් බුදු මැදුර විවෘතවිය. 1994.06.27 දින තෙක් මහ/තැන්නේකුඹුර විද්‍යාලය ලෙස පැවැති මෙම විදුහල එදිනෙන් පසු මහ/විද්‍යාලෝක මහා විද්‍යාලය බවට පත්විය.මියයන තුරැම පාසල වෙනුවෙන් ඇප කැප වී සේවය කළ ජී.ඩබ්. අබේරත්න විදුහල්පතිතුමාගේ සමය පාසලේ ප්‍රබෝධමත් අවධියක් බව ප්‍රකාශකළ යුතුමය.
ඉන්පසු සේවය කල විදුහල්පතිතුමියන් විදුහලේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් කළ අතර වත්මන් විදුහල්පතිනිය වන ජී.සී.ආර්.වී. විමලානන්ද මැතිණියද තම සියලු ශක්තිය යොදා විදුහල ජයග්රහණයෙන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඩවෙර දරණ බව සත්‍යයකි.
මේ වන විට චිත්‍ර,නැටුම්,සංගීතය,ගෘහ විද්‍යාව ආදී සියලු අංග රැගත් විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වන විශිෂ්ට අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. වර්තමානය වන විට සිසුන් 300 ක් පමණ සිටියද සියලු අංශයන්ගෙන් ජයග්‍රහණ ලබා ඇත. කඩඉම් විභාග වලින් නගරය පාසල් කරා දුවා දරැවන් සංක්‍රමණය වුවද ප්රතිඵලවල ග=ණාත්මකභාවය රැක ගැනීමට නොපසුබට උත්සාහයක යෙදෙමින් පාසල දියුණුව කරා පිය නගන බව රහසක් ෙනාවේ.
නගරද්වාර නැණෝදා පාසල් සංව¾ධන වැඩසටහන යටතේ අංග සමිපූර්ණ පුස්තකාලයක් හා පරිගණක ඒකකයක් මේ වන විට ලැබී ඇත. සුන්දර හරිත වර්ණ පරිසරයකින් යුක්ත වන මෙම පාසල 1-සී වර්ගයේ පාසලක් බවට පත්ව ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1957-07-01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
60 |
|
මුල් ගුරුතුමාගේ නම |
Mr; M.Dissanayaka |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
තැන්නේකුඹුර කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
තැන්නේකුඹුර මහවැලි නදිය ආසන්නයේ |
{QF3=5}